News Line| Off Air
Generic placeholder image

Jul
19

01 වනදා සිට අලුත්වන අයි.සී.සී කි‍්‍රකට් නීති මෙන්න

1234 Views


01 වනදා සිට අලුත්වන අයි.සී.සී කි‍්‍රකට් නීති මෙන්න

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළා.

එමෙන්ම අයි.සී.සී ය මෙවන් අවස්ථාවක් උදා වූ විට ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම පියවරක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.

එනම් අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී පන්දුව හිසේ වැදීම නිසා ආබාධයට ලක්වෙන (Concussion) ක්‍රීඩකයින් එවැනි අවස්ථාවකට මුහුණ දෙන ක්‍රීඩකයා ඉවත් කොට වෙනත් අතිරේක ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුලත් කිරීමේ අවස්ථාව ලබාදීමයි. මෙම නව ක්‍රීඩකයාට පිතිකරණ හා පන්දු යැවීම යන අංශ දෙකෙන්ම කණ්ඩායමට සිය සේවාව ලබා දීමේ හැකියාව පවතිනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබෙනවා.

වසර දෙකක කාලයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදී පියවර ගෙන ඇති බව සදහන්.
මේ අනුව එළඹෙන අගෝස්තු පළමුවැනිදා සිට ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයටම මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

මෙහිදී යම් ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වී ඇත්දැයි අදාළ කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව තරග තීරකවරයාගේ අවසරය ඇතිව මෙම ක්‍රීඩක ආදේශනය සිදුකළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post