News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

21 වනදා තෙක් ධීවර කටයුතු වලින් බැහැරව සිටින ලෙස කාළගුණයෙන් දැනුම් දෙයි

666 Views


21 වනදා තෙක් ධීවර කටයුතු වලින් බැහැරව සිටින ලෙස කාළගුණයෙන් දැනුම් දෙයි

අයහපත් කාළගුණය හේතුවෙන් මන්නාරම, පුත්තලම, කොලඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ලබන 21 වනදා තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80ත් 90ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර අද පස්වරුවේද දිවයිනේ බස්නාහිර දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 70ත් 80ත් පමණ වන තද සුළං ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම මධ්‍යම සහ සබරගමු පළාත් වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරු 08.30න් අවසන් වු පැය 24ක කාලය තුළ උපරීම වර්ෂාපතනය නුවරඑළිය ඩන්කල්ඩ් වතුයාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 251යි දශම 05ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post