News Line| Off Air
Generic placeholder image

Jul
19

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

483 Views


ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අගෝස්තු 2 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කර තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් පොලිසිය බාරයේ එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කිරිමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සැකකරුගේ රෝගී තතත්වය සළකා බැලීමෙන් පසු ලබන 2 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post