News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

කිරි ආනයනය ඉහළට

518 Views


කිරි ආනයනය ඉහළට

මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය කිරි ලීටර් මිලියන 471 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට විදේශීය කිරිපිටි මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ ප‍්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ පාසල් දරුවන් සඳහා කිරි පැකට්ටුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. පාසල් දරුවන් සඳහා කිරි පැකට්ටුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහන ලබන සතියේ සිට ආරම්භ කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post