News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

ගතවු මාස 6 තුළ සංචාරක පැමිණීමේ වර්ධනයක්

466 Views


ගතවු මාස 6 තුළ සංචාරක පැමිණීමේ වර්ධනයක්

වසරේ ගතවූ මාස 06ක කාලය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහෙත් එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4 කින් අඩු වී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළා.

පසුගිය වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මෙවර පැමිණ ඇත්තේ 10, 8449ක පිරිසක් බව සඳහන්.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණිමේ කැපී පෙනෙන අඩුවිමක් දක්නට ලැබුණ අතර අප්‍රේල් මාසයේදී පැමිණි එක් ලක්ෂ 66,975 ක පිරිස මැයි මාසය වන විට 37,802ක් දක්වා පහත බැස තිබෙනවා.

කෙසේවෙතත් මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරකයින්ගේ පැමිණිම 63,072ක් ලෙස ඉහල ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post