News Line| Off Air
Generic placeholder image

Jul
20

O/L-A/L අසමත් අය ජනාධිපතිවරයට ඉදිරිපත් කිරීම උගත් සමාජයට කරන අපහාසයක්

555 Views


O/L-A/L අසමත් අය ජනාධිපතිවරයට ඉදිරිපත් කිරීම උගත් සමාජයට කරන අපහාසයක්

ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණය සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවත් අසමත් පුද්ගලයින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ නම් එය රටේ සිටින උගත් සමාජයට කරන බලගතු අපහාසයක් බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියා.

තවද අනාගත වැඩ පිළිවලක් සහිත අපේක්ෂකයෙකු මිස එක් එක් කණ්ඩායම් නම් කරන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නොවන බවද අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post