News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් ආයෙ පස්සට ගන්නේ නෑ – සජිත් කියයි

985 Views


ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් ආයෙ පස්සට ගන්නේ  නෑ – සජිත් කියයි

219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල – අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පසුගිය දා (19) එක්වෙමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිකළ නිවාස 26ක් ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් පත් වු රජයන් ගොවි විශ්‍රාම වැටුප නිසි පරිදි ක්‍රියාත්මක නොකළ බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රේමදාස පරම්පරාව දකුණු පය පෙරට තැබුවහොත් නැවත ආපස්සට නොගන්නා බවයි.

මෙරට ප්‍රථම වරට ගොවි විශ්‍රාම වැටුප ක්‍රියාවට නැංවීමේ කටයුත්ත ඉටුකළ විජේරත්න බණ්ඩා මහතා සිහිපත් කරමින් මෙම උදාකළ ගම්මානය නම් කර ඇත්තේ එයට කෘත ගුණ සැලකීමක් වශයෙන් බව ද වැඩි දුරටත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post