රූමස්සල කඳු වැටිය අසල මුහුදු ප‍්‍රදේශයේදී අනතුරට ලක් වූ වෙළද භාණ්ඩ නෞකාවේ තිබෙන තෙල් තොග ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව වාර්තා වෙනවා.
ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප්‍රකාශ කලේ පරිසර අවධානම අවම කිරීමේ අරමුණෙන් නෞකාවේ තිබෙන තෙල් ටොන් 15 ක් පමණ ප්‍රමාණයක් මෙසේ ඉවත් කරන බවත් තෙල් තොග ඉවත් කර ගැනීමෙන් පසු එම නෞකාවද රූමස්සල කඳු වැටිය ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.