News Line| Off Air
Generic placeholder image

Jul
20

සඳ තරණයේ 50වන සංවත්සරය අදයි

925 Views


සඳ තරණයේ  50වන සංවත්සරය අදයි

මානව සංහතියේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් වන සඳ තරණයේ 50වැනි සංවත්සරය අද (20) ට යෙදී තිබෙනවා. එහි අග්‍රතම ඵලය සනිටුහන් කරමින් සඳ සිහිනය සැබෑ කරගැනීමට අමෙරිකාව සමත්වුණේ 1969 වසරේ ජූලි මස 20වැනිදාය. එනම් අද වගේ දිනකය.
නාසා ආයතනය මෙහෙයවූ ඇපලෝ 11 සඳ තරණ මෙහෙයුම සඳහා කමාන්ඩර් නීල් ආම්ස්ට්‍රෝන්ග්, බස් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන ගගනගාමීන් එක්වුන අතර ඇපලෝ 11 මව්යානය රැගත් සැටන් 5 රොකට්ටුව මීට 50 වසරකට පෙර ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.
ඉන් සිවුදිනකට පසු ඊගල් උප යානය මගින් සද වෙත ගිය නීල් ආම්ස්ට්‍රොන්ග් සහ බස් ඕල්ඩ්‍රින් දෙදෙනා පෘථිවියේ උපග්‍රහයා වූ චන්ද්‍රයා මත පා තැබූ පළමු මිනිසුන් ලෙසින් ඉතිහාසයට එක්වීමට වාසනාව උදාකරගත් අතර මෙම අවස්ථාව ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් රූපවාහිනිය ඔස්සේ සජීවීව නැරඹූ අතර අදටත් එය සැලකෙන්නේ මිනිසා ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙසයි. සඳ තරණයේ අඩ සියවසක ඉතිහාසය සැමරීම වස් මේ මාසය පුරාවටම විවිධ ඉසව් සංවිධානය කිරීමට නාසා ආයතනය කටයුතු කළ අතර ඉන් කිහිපයකට පළමු සඳ මෙහෙයුමට එක්වූ බස් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ග්ස්ද එක්වීම විශේෂත්වයකි.


News Articles
Latest Videos
Most Popular Post