රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් භික්ෂූන් වහන්සේලා නින්දාවටත්, ගර්හාවටත්, අපහාසයටත් ලක් කරමින් කරන ලද ප්‍රකාශය තරයේ හෙළා දකින බව අමරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොල පියනන්ද හිමි ප්‍රකාශ කරනවා. ලිපියක් මඟින් අමෙරිකා එක්සත් ජනපදවාසී භික්ෂුන් වහන්සේලා ලෙස තමන් මෙම ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත් මෙම ප්‍රකාශක සිදු කිරීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
මෙය භික්ෂුන් වහන්සේලා අපහාසයට පත් කිරීමට ඉතා දීර්ඝ කාලයක පටන් සිදු කරන ලද සැලසුම් සහගත ක්‍රියාවලියක් බවත් මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ කථානායකවරයා කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් බවත් ලිපිය මඟින් දන්වා ඇත.