අද (21) දිනට පාස්කු ප්‍රහාරය සිදු වී මාස තුනක් ගතවනවා. ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා.
300කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් මෙම ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිකිරීම වෙනුවෙන් දේව මෙහෙයට කටුවාපිටිය දේවස්ථානය සූදානම් වූ අයුරුයි මේ.