News Line| Off Air
Generic placeholder image

Jul
21

ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුමකින් 14 නෙකු මියයයි

786 Views


ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුමකින් 14 නෙකු මියයයි

ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ගැටුම ඇතිවී තිබුණේ දකුණු දිග හවාස්සා නගරයේ වාසය කරන සිධාමා වාර්ගික කණ්ඩායමක් ස්වතන්ත‍්‍ර පාලනයක් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයක් අතරතුරදීයි.

සිධාමා වාර්ගීක පිරිස ඉතියෝපියාවේ දකුණු කලාපයේ විශාලතම ජනවාර්ගීක කණ්ඩායමයි. ඉතියෝපියාව තුළ ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැගිය යුතු බටව ආණ්ඩුවට බල කරමින් විරෝධතාවයේ නිරත වුණා.

තම කලාපය තුළ සිධාමා ජනවර්ගයට වෙනම පාලන තන්ත‍්‍රයක් අවශය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. උද්ඝෝෂණය මැඩපැවැත්වීම සදහා ඉතියෝපියානු ආරක්ෂක හමුදා දැරූ උත්සහය අතර තුර මෙම ප‍්‍රහාරය සිදු වුණා.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ඉතියෝපියා ආරක්ෂක අංශ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට ගත් උත්සහය පිලිගත නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post