News Line| Off Air
Generic placeholder image

Jul
21

කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචන

931 Views


කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචන

අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද විවෘත කළ අවස්ථාවේ දී කාදිනල් හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වග කිව යුතු නැති බවත් මෙය රට තුළ කෝලාහලයක් ඇති කර විදෙස් රට වල අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නොමඟ ගිය තරුණ පිරිසක් යොදා ගෙන සිදු කළ ප්‍රහාරයක් බවත් කාදිනල් හිමියන් මෙහිදී කියා සිටියා.

නායකයින් විදෙස් බලවේගයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සිටින බවත් සශ්‍රීක භූමියක්ව පැවති රට ශක්තිමත් කිරීමට ඔවුන් උදවු කළ යුතු බවත් කදිනල් හිමියන් සඳහන් කළා.

ඉතාමත්ම ශක්තිමත්ව පැවති බුද්ධි අංශය වත්මන් ආණ්ඩුව විසින් අඩපණ කළ අතර එසේ සිදු කළේ ජාත්‍යන්තරයේ වුවමනා එපාකම් වෙනුවෙන් බවද කාදිනල් හිමියන් කියා සිටි අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අන්තවාදීන් හසුවු තැන කිසිදු දෙයක් නොකට ඔවුන් නිදහස් කර යැවු බවටද කාදිනල් හිමියන් චෝදනා එල්ල කළා.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ අවස්ථාවේ ඔත්තුව ලබා දුන් පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර වරදකරුවන් නිදහස් කර සියල්ල දේශපාලන නායකත්වය විසින් යට ගැසූ බවටද ඒ හිමියන් දෝෂාරෝපණ එල්ල කර සිටියා.

මේ සියල්ලටම වග කිව යුතු රජය ඉක්මනින් ඉවත් වී රට පාලනය කළ හැකි පිරිසකට රට භාර දිය යුතු බවට කටුවාපිටිය දෙව් මැඳුරේ දී සිය අදහස් දක්වමින් අති උතුම් මැල්කම් රංජිත් හිමියන් වඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post