News Line| Off Air
Generic placeholder image

Jul
21

පාස්කු ප්‍රහාරය පදනම් කරගන ඇතැම් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අගමැති කියයි

1047 Views


පාස්කු ප්‍රහාරය පදනම් කරගන ඇතැම් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අගමැති කියයි

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව පඬුවස්නුවර ඊයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

කුරුණෑගල පඬුවස්නුවර බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැඟිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) විවෘත කෙරුණා.

පාස්කු ඉරිදායින් පසු එම ප්‍රදේශවල ඇතිවු ගැටුම් ඇති කිරීමට පැමිණියේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය නොව අන්‍යන්ගේ වුවමනාවට ජාතිභේද ඇති කිරීමට අවශ්‍ය වු පිරිසක් බව එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටි පිරිස් කෝලාහල ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post