බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ අතර තැපැල් සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කළා.