News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

රූමස්සල අනතුරට ලක් වූ නැවේ තෙල් ඉවත් කිරීම යළි තවදුරටත්

560 Views


රූමස්සල අනතුරට ලක් වූ නැවේ තෙල් ඉවත් කිරීම යළි තවදුරටත්

රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී සිරවී ඇති නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනයේද සිදු කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප‍්‍රකාශ කරනවා. ග්ලෝරි ටූ ගෝ ලෙස නම් කර ඇති අදාළ නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණේ ඉකුත් 18වැනිදායි. ඉකුත් දිනවල පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් එහි ඉන්ධන ඉවත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වූ අතර ඊයේ (21) දිනයේදී පොම්පවල සිදුවූ දෝෂයක් හේතුවෙන් ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.

එම නිසා යලි අද දිනයේ එම ඉවත් කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම නෞකාවේ ඉන්ධන විසිරීමක් සිදුවුවහොත් රූමස්සල කොරල් පද්ධතියට හානිවීමක් මෙන්ම විශාල පරිසර දූෂණයක් ද සිදු වීමට ඉඩ ඇති බවයි වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post