ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දග පන්දු යවන්නෙක් වුණු මුත්තයියා මුරලිදරන් පිළිබද කොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වීමට නියමිත බව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මෙම චිත්‍රපටය ” 800″ ලෙස නම් කර ඇති අතර ඊට හේතු ලෙස සැලකෙන්නේ මුත්තයියා ටෙස්ට් තරග වල පිහිට වූ කඩුලු 800 අසම සම වාර්තාවයි.
මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පණ පොවන්නේ කොලිවුඩයේ සුපිරි නළුවෙකු වන විජේ සේතුපති වන අතර මේ දිනවල ඔහු කාර්යබහුල වීම නිසා මෙම චිත්‍රපටය රූගත කරන දිනය මෙතෙක් නිශ්චිත වශයෙන් නම් කර නැති බව පැවසෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය නිෂ්පාදනය සදහා වැය කරන මුදලද ඉතා වැඩි බවයි වාර්තා වන්නේ. තවදුරටත් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවලද සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.