ශ්‍රි ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පළමු වරට ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා මෙරට ත්‍රිවිධ හමුදා නිළධාරීන් එක්විමට නියමිත බව වාර්තා වෙනවා.
තවද පුහුණුවීම් අතින් රටවල් දෙක අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් පසු ගිය කාලය පුරාම පවත්වාගෙන පැමිණි බවත් එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය වලදී හදිසි අපදා වලදි සෙබලන් කටයුතු කරන්නේ කෙසෙද යන්න සම්බන්ධයෙන් පුහුණුවීම් සිදු කිරීමට නියමිත බවද කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කලා.