News Line| Off Air
Generic placeholder image

Jul
22

ජනාධිපතිවරණය කල් දමන්න කිසිවෙකුටත් බෑ මැකෝගෙන් ප්‍රකාශයක්

490 Views


ජනාධිපතිවරණය කල් දමන්න කිසිවෙකුටත් බෑ මැකෝගෙන් ප්‍රකාශයක්

එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

“ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ඇතුළු වගකිව යුතු සියලුම පාර්ශව දැනුවත් කර ඇති බවත් එම කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් එසේ සිදු කළ හැකි බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඒ නියමිත දිනට පෙර ජනාධිපතිවරණය ඉදිරියට ගැනීමෙන් පමණක් බවත් කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත් මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post