පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. කැබිනට් මණ්ඩලය හා ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද වැඩබලන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.
මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් විසින් වැටලිම් කරන අතර මිල ගණන් වෙනස් කරමින් වෙළඳ කටයුතු සිදු කරන වෙළඳදුන්ට දැඩිව නීතිය ක්‍රියාත්ම කරන බවද අමාත්‍යරයා පවසනවා.