News Line| Off Air
Generic placeholder image

Jul
23

අගමැති අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙස ඉල්ලුවත් මුස්ලිම් මන්ත්‍රිවරු ඊට ප්‍රතිචාර නොදක්වයි

625 Views


අගමැති  අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙස ඉල්ලුවත් මුස්ලිම් මන්ත්‍රිවරු ඊට ප්‍රතිචාර නොදක්වයි

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් දැරූ අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙසයි. ඒ සඳහා මන්ත‍්‍රීවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙනවා.

එමෙන්ම එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරු විසින් අග‍්‍රාමාත්‍යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ සියලූ ගැටලූ සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

තවද පසුව රැස් වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන අතර එහිදී ද යෝජනා වී ඇත්තේ ඉල්ලා අස් වූ මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍ය ධුරය භාර ගතයුතු බවයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් මන්තී‍්‍රවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post