අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
තවද මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළ අතර පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රසියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ලබන බදාදා දිනෙන් පසුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර එමගින් ද ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.