News Line| Off Air
Generic placeholder image

Jul
23

ආණ්ඩුව වැල්ලේ මාළිගා තනමින් මුළු රටම අද වන විට රවටා ඇති බව ගීතා කියයි

699 Views


ආණ්ඩුව වැල්ලේ මාළිගා තනමින් මුළු රටම අද වන විට රවටා ඇති බව ගීතා කියයි

ඊයේ(22) බෙන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කලේ වත්මන් රජයට මිනිසුන්ගේ ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නැති බවයි. අගමැතිවරයා හා ජනාධිපතිවරයා කිසිදු වගකීමක් නොමැතිව සිටින බවත්, ජනාධිපතිවරයාට කිසිදු අවස්ථාවක දී වගකීමෙන් ගැළවිය නොහැකි බවත් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවා.

එමෙන්ම එක් වේලක් හොයා ගැනීමට අසීරුව සිටින මිනිසුන්ට අද වන විට ජිම් සෑදීමට යන බවත් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ පිස්සු හැදී ඇති නිසාදැයි කුමාරසිංහ මහත්මිය මෙහිදී ප්‍රශ්න කර සිටියේය.දෙන්න තියෙන දේවල් දෙනවා යැයි පවසමින් වැල්ලේ මාළිගා තනමින් මුළු රටම අද වන විට රවටා ඇති බව එතුමිය ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post