News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ජාතික පාසල්වල වාරාන්තර නිවාඩු අනුමත කිරීම විදුහල්පතිවරුන්ට පැවරේ

941 Views


ජාතික පාසල්වල වාරාන්තර නිවාඩු අනුමත කිරීම විදුහල්පතිවරුන්ට පැවරේ

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු කාලවලදී පාසල් රාජකාරීවලට බාධා නොවන පරිදි නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර පටිපාටියක් සකස් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීමට අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර ඇති අතර සේවා අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක ඔවුන් යළි සේවයට කැඳවීමේ හැකියාව ද පවතිනවා.

මීට අදාළ උපදෙස් ලිඛිතව ද ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post