News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

සෝමාලියාවේ හෝටලක් ඉදිරිපිට පිපිරීමක් -17ක් මරුට

628 Views


සෝමාලියාවේ හෝටලක් ඉදිරිපිට පිපිරීමක් -17ක් මරුට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මොගඩිෂු අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයක සවිකරන ලද බෝම්බයක් පුපුරවාහැරීමෙන් ප්‍රහාරය සිදුකර ඇති අතර මොගඩිෂු ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ පිහිටා ඇති පළමු ආරක්ෂක මුරපලේදී එම පිපිරීම සිදුව ඇති බව සිදුවීම ඇසින් දුටුවෙකු මාධ්‍යයට ප්‍රකාශ කළ බව සදහන්.

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් ශබාබ් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post