News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරා සැල් දින 5 ක් වැසේ

907 Views


පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරා සැල් දින 5 ක් වැසේ

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන දින 5 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා.

හලාවත පදවිය භාර, නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමන් සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියා සිටියා.

ඒ අනුව ලබන මස 1 වනදා සිට 5 වනදා දක්වා මෙලෙස සුරාබදු ස්ථාන වසා තැබෙන අතර, මංගල්‍යය පැවැත්වෙන දිනයන්හිදී දේවස්ථාන භූමිය මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post