News Line| Off Air
Generic placeholder image

Jul
23

වත්මන් ආණ්ඩුව සැබෑ සහජීවනයේ ප්‍රතිමූර්තිය වන බව මරික්කාර් කියයි

613 Views


වත්මන් ආණ්ඩුව සැබෑ සහජීවනයේ ප්‍රතිමූර්තිය වන බව මරික්කාර් කියයි

සියලු ආගම්වලට අයත් ආගමික ස්ථාන දියුණු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අද(23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

ගම්පෙරළිය වැඩසටහනින් හා සංස්කෘතික අමාත්‍යාංශය තුළින් මේ රටේ ගම්වල දහස් ගණනක් වෙහෙර විහාර දියුණු කිරීමට මුදල් ආධාර ලබා දී ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, අඩුම තරමින් පන්සලේ දායක සභාව හෝ එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කරන ලද දෙයක් බව නොදන්නා බවද කියා සිටියා.

සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය ශාසනාලය නැති බෞද්ධකම නැති, දේශීයත්වය නැති, අපේකම නැති අය ලෙස හැඳින්වීම සම්පූර්ණ බොරුවක් බව කියා සිටි මන්ත්‍රීවරයා, පන්සල් 1000කට අධික ප්‍රමාණයකට අවමය ලක්ෂ 5කට වඩා ලබා දී ඇති බව පැවසුවා.

තම පක්ෂය ස්වාමින් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් දේශපාලන කඩේ යැවීම් නම් සිදු කර නොමැති බවද බෞද්ධ පන්සල්වලට සමගාමීව, අනෙකුත් ආගමික ස්ථානවලටත් වත්මන් ආණ්ඩුව උදව් කර ඇති බවද, එය සැබෑ සහජීවනයේ ප්‍රතිමූර්තිය වන බවද මරික්කාර් මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post