Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
ඒ සම්මානය මට අයිති නෑ, ඒක අයිති කේන්ට - බෙන් ස්ටොක් නවසීලන්ත සම්මානය ප‍්‍රතික්‍ෂේප කරයි - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
23

ඒ සම්මානය මට අයිති නෑ, ඒක අයිති කේන්ට – බෙන් ස්ටොක් නවසීලන්ත සම්මානය ප‍්‍රතික්‍ෂේප කරයි

1760 Views


ඒ සම්මානය මට අයිති නෑ, ඒක අයිති කේන්ට – බෙන් ස්ටොක් නවසීලන්ත සම්මානය ප‍්‍රතික්‍ෂේප කරයි

මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ….

මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා….

‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසනවා.

12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බව ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා තිබෙනවා.

“වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වනවා. ඒ වගේ ම මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා. ඒත් මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ කියලා මට හිතෙනවා,” බෙන් ස්ටෝක්ස් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, “මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි,” යනුවෙන්.

“ඔහු තමයි ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ. ඒ වගේ ම ඔහු පිරිමින්ට ආධ්‍යාත්මික නායකයෙක්. ඒ සම්මානයට සුදුස්සා ඔහුයි. මගේ ඡන්දයත් ලැබෙන්නේ ඔහුටයි,” බෙන් ස්ටෝක්ස් වැඩිදුරටත් සඳහන් කර තිබිණා.

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ කර තිබිණි. ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූවේ බෙන් ස්ටෝක්ස් ය.

තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.

“ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ. ඒත් ඔහු ක්‍රයිස්ට්චර්ච්වල ඉපදුණේ. ඔහුගේ දෙමාපියනුත් දැන් ඉන්නේ නවසීලන්තයේ. ඒ වගේ ම ඔහු මාඕරි ආදිවාසී පරපුරට සබඳතා ඇත්තෙක්. ඒ නිසා ඔහු නිර්දේශ කරන්න පුළුවන් යැයි සිතන ‘කිවි’වරුන් ඉන්නවා” එම සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු වන කැමරන් බෙනට් පැවසුවා.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන්ජමින් ඇන්ඩෲ ස්ටෝක්ස් හෙවත් බෙන් ස්ටෝක්ස් 2016 වසරේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තයට නිශ්චිතව ජය ගත හැකිව තිබූ කුසලානය අහිමි කරගෙන පිටිය මැද හඬා වැටුණා.

එහෙත්, ඉන් වසර 3කට පසු එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කරමින් එංගලන්තයේ පමණක් නොව ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වුනා. 1991 වසරේ ජූනි 04 වන දා ඔහු උපත ලැබුවේ, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදීය.

12 වන වියේදී දෙමාපියන් සමග එංගලන්තයේ පදිංචියට පැමිණ පසුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී තිබෙනවා.

බෙන් ස්ටෝක්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වේගවත් ම ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්ව සිටින අතර ලෝකයේ තත්ත්වය තුළ ඔහු එම වාර්තාවේ දෙවන ස්ථානයේ පසුවෙනවා.

2016 වසරේ පැවති පන්දු වාර 20 ලෝක කුසලානය කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට එංගලන්තයට අහිමි වූයේ, අවසන් පන්දු වාරයේදීය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රෙත්වයිට්ගේ කිසිදා අමතක නොවන අනපේක්ෂිත පිතිහරඹය හේතුවෙනි.

තරගයෙන් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 19ක් අවශ්‍ය වී තිබිණි. ඒ වන විට කොදෙව් පිතිකරුවන් 6 දෙනෙකු දැවී ගොස් තිබිණි.

අවසන් පන්දු වාරය යැවීමේ කාර්යය පැවරුණේ, බෙන් ස්ටෝක්ස්ටය.

එංගලන්තය කුසලානය හිමි කර ගනු ඇතැයි සියල්ලන් විශ්වාස කර සිටිය ද කාලෝස් බ්‍රෙත්වයිට් එංගලන්ත අපේක්ෂා අනපේක්ෂිත අයුරින් බිඳ දැමුවේ, බෙන් ස්ටෝක්ස් යොමු කළ පළමු පන්දු හතරකට 6 පහර එල්ල කරමිනි.

කාලෝස් බ්‍රෙත්වයිට් මිනිත්තු කිහිපයක් තුළ ක්‍රිකට් ලෝලීන්ගේ වීරයා බවට පත් විය. බෙන් ස්ටෝක්ස් තණතිල්ල අසල බිම හිඳගෙන කඳුළු සැලුවේය.

කෙසේ වෙතත්, බෙන් ස්ටෝක්ස්ගේ දක්ෂතා පිළිබඳව එංගලන්තය තවදුරටත් විශ්වාසය තැබූ අතර ඔහු කණ්ඩායමෙන් ඉවත් කෙරුණේ නැත.

2016 වසරේදී බෙන් ස්ටෝක්ස්ගෙන් ජයග්‍රහණය තමන් සතු කර ගත් කාලෝස් බ්‍රෙත්වයිට් මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් කළ මෙහෙය ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රශංසාවට ලක් කර තිබිණි.

2016 වසරේ අමිහිරි පරාජයකට මුහුණ දුන් මේ සුවිශේෂී ක්‍රීඩකයා කෙරෙහි 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කළ පූනේ කණ්ඩායමේ හිමිකරුවන් විශ්වාසය තැබුවා.

එහිදී එම වසරේ වැඩි ම මිලක් ගෙවූ විදෙස් ක්‍රීඩකයා ලෙස බෙන් ස්ටෝක්ස් පූනේ කණ්ඩායමට ඇතුළත් කර ගැනුණේ, ඉන්දීය රුපියල් කෝටි 14.5ක මුදලකටයි.

ඔහු තමන් කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ගෙවූ මුදලට ණයගැති වූයේ නැහැ. එම වසරේ තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔහුයි.

එහිදී ඔහු පිතිකරුවෙකු ලෙස තරග 12කදී ලකුණු 316ක් රැස් කළ අතර පන්දු යවන්නෙකු ලෙස කඩුලු 12ක් බිඳ හෙලුවා.

එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථා රැසකදී බෙන් ස්ටෝක්ස් සාර්ථකව පන්දුවට පහර දෙමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ම දක්නට ලැබිණා.

තරග 11කට සහභාගි වෙමින් ඔහු එහිදී ලකුණු 465ක් රැස් කිරීමට සමත් වූ අතර ඒ සියලු ඉනිම් අතරින් වඩාත් සුවිශේෂී වූයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු නොදැවී රැස් කළ ලකුණු 84ය. ජොස් බට්ලර් හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වී සිටි මොහොතක බෙන් ස්ටෝක්ස් සිය ඉනිම ගොඩ නගමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් වුණා.

එහිදී බෙන් ස්ටෝක්ස්ගේ සිරුරෙහි වැදී පන්දුව 4 සීමාව පසුකරගෙන ගිය අතර ඉන් ලකුණු 6ක් එංගලන්තයට ලැබිණා.

ඒ සම්බන්ධයෙන් බීබීසී ටේල්එන්ඩර්ස් විශේෂාංගය සමග අදහස් දැක්වූ එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පැවසුවේ, බෙන් ස්ටෝක්ස් තරග විනිසුරුවරුන් වෙත ගොස් එම ලකුණු 4 ඉවත් කර ගත හැකි ද? යනුවෙන් විමසූ බවයි.

කෙසේ වෙතත්, තරගයේ විස්තර විචාරකයින් පැවසුවේ, පන්දුව අනපේක්ෂිත ආකාරයෙන් ඔහුගේ සිරුරෙහි වැදුණු හෙයින් බෙන් ස්ටෝක්ස්ට දොස් පැවරිය නොහැකි බවයි.

“ඒක තමයි නීතිය,” ජේම්ස් ඇන්ඩර්සන් පැවසීය.

අනතුරුව පැවති අතිරේක පන්දු වාරයේදී පන්දු 3කදී ලකුණු 8ක් රැස් කරමින් ජොස් බට්ලර් සමග එක්ව නවසීලන්තයට ලකුණු 15ක ඉලක්කයක් ලබා දුන්නා
කෙසේ හෝ අවසානයේදී එංගලන්තය පළමු වරට ලෝක කුසලානය හිමි කර ගැනීමට සමත් වුනා.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද බෙන් ස්ටෝක්ස් නම් කෙරුණ අතර ඔහු ඡායාරූපවලට පෙනී සිටින ඇතැම් අවස්ථාවල සිය අතෙහි ඇඟිලිවලින් අමුතු අභිනයක් දක්වනවා. ඒ, සිය වමතෙහි මැදැඟිල්ල නමාගෙන ඡායාරූපවලට පෙනී සිටීමෙන්. ඔහු පවසන්නේ එය සිය පියාට ගෞරවයක් ලෙස කරන බවයි.

බෙන් ස්ටෝක්ස්ගේ පියා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩකයෙක්.

“මගේ තාත්තා ක්‍රීඩා කරන කාලයේ දණහිසේ ආබාධයක් නිසා දවසක් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තිබුණා. ඒ වෛද්‍යවරයා කියලා තිබුණා තාත්තාගේ ඇඟිල්ලක ශල්‍යකර්මයක් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ තාත්තා කියලා තිබුණේ, මට ක්‍රීඩා කරන්නේ නැතුව ඉන්න බැහැ, ඒ නිසා ඇඟිල්ල කපලා දාන්න පුළුවන් ද? කියලා,” බෙන් ස්ටෝක්ස් අයිටීවී නාලිකාවේ ගුඩ් මෝර්නිං බ්‍රිටේන් වැඩසටහනට එක්වෙමින් පවසා තිබිණා.

“මම හැම කණ්ඩායම් ඡායාරූපයකදී ම ඇඟිල්ල නවාගෙන ඉන්නේ ඒ නිසයි.”

බෙන් ස්ටෝක්ස් පැවසුවේ, ලෝක කුසලාන අවසන් තරගයේ අතිරේක පන්දු වාරය වෙනුවෙන් පන්දුවට පහර දීමට තමන්ට අවශ්‍යතාවක් නොවූ බවයි.

“මම කිව්වේ ජොස් බට්ලර් එක්ක ජේසන් රෝයි යවන්න කියලා. ඒත් නායක මෝගන්ට ඕන වුණේ වමත් දකුණත් යුගලක් යවන්න. ඒ නිසා මට යන්න වුණා. ආයෙත් නම් එහෙම කරන්න බැහැ,” ඔහු පැවසුවා.

2011 වසරේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු එක්දින තරග 95කදී ලකුණු 2682ක් රැස් කර තිබේ.ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 20ක් අයත්. ඊට අමතරව ඔහු එක්දින කඩුලු 70ක් බිඳ හෙළා තිබෙනවා.
ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 3152ක් රැස් කර ඇති අතර කඩුලු 127ක් බිඳ හෙළා තිබේ.

 

උපුටා ගැනීම BBC සිංහල


News Articles
Latest Videos
Most Popular Post