බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කර ඇති අතර නුවන් කුලසේකර ද මෙම තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනු ඇති බව සදහන්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කෙරුණා.
පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.