News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

පාස්කු ප්‍රහාරය ගැන හොයන විශේෂ කාරක සභාව අද රැස්වෙයි

820 Views


පාස්කු ප්‍රහාරය ගැන හොයන විශේෂ කාරක සභාව අද රැස්වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.30ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් කැදවා තිබෙන බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම මෙහිදි ඇතැම් පුද්ගලයින්ගේ සාක්ෂි විමසීමේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට ද තීරණය කර ඇති බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post