News Line| Off Air
Generic placeholder image

Jul
24

යාපනයේ කිතුණු දේව් මැඳුරක දේව ප්‍රතිමාවලට ප්‍රහාරයක්

864 Views


යාපනයේ කිතුණු දේව් මැඳුරක දේව ප්‍රතිමාවලට ප්‍රහාරයක්

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ ‍යාපනය කොටුව ආසන්නයේ පිහිටි කුඩා දේවස්ථායක පැවති කිතුණු දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති බවය.

මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව පොලීසිය සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post