කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුව ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මේ මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකරනු ලැබ ඇති අතර මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තාට සිතාසි බාර දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලීම් කර තිබු නිසා එම ඉල්ලීම සම්බන්ධයෙන් අද සිය තීරණය ත්‍රිපුද්ගල මහාධිකරණ දැනුම් දුන්නා.