මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් සහ යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඊයේ(23) ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පියවරක් නොගතහොත් ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තමා සොයා බැලු බවත් පුහුණුකරු සමඟ කථා කරන්න තමාට අයිතියක් නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, අස්කර වෙනත් අයෙක් ගේනන කියනවාට වඩා නැවත වතාවක් අදාළ කෙනාට එය නිසි ලෙස සිදු කිරීමට ඉඩ දීම සුදුසු බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.
ක්‍රිකට් පාලක මණ්ඩලය හදිසියේ හෝ පුහුණුකරු ඉවත් කරන්න බැහැ කියලා එයට තමාට නිතී තර්කයක් ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.නීතිපති දෙපාර්තමේන්තුවට වඩා උසස් කෙනෙක් ලංකාවේ නැති බව ද පැවසු අමාත්‍යවරයා, තමා කිසි විටෙකත් චන්දික හතුරුසිංහට අසාධාරණයක් වෙනවට අකමැති බව ද සඳහන් කළා..