බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ(23) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා බව සඳහන් කළා.
ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් තරගය වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හට කරන උපහාරයක් ලෙස ඔහු වෙනුවෙන් නම් කිරීම සඳහා සූදානම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කරනවා.