News Line| Off Air
Generic placeholder image

Jul
24

අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආවරණය මාධ්‍යට තහනම් කරයි

624 Views


අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආවරණය මාධ්‍යට තහනම් කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද(24) පෙරවරුවේ සිය සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කළ අතර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිත අතර අද සභාවාරය ආවරණය කිරීම සඳහා මාධ්‍යට ඉඩ ලබා දී නැහැ.
අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post