පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ඍජු සම්බන්ධයක් ඇති බවට තවමත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න කියා සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
සාක්ෂි විමසීමේ කටයුතු අද දහවල් 12.30 සිට මාධ්‍යයට විවෘත කෙරුණු අතර, ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබෙනවා.