එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නම් කළ යුතු බව අමාත්‍ය කබීර් හෂීම් මහතා යෝජනා කර තිබෙන අතර මෙම යෝජනාවට මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ හර්ෂ ද සිල්වා යන අය ද පක්ෂව කතා කර ඇති අතර මෙහිදී අමාත්‍ය රවී කරුණානායකද මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ කර ඇති නමුත් සෙසු මන්තී‍්‍රවරුන් ඊට අවස්ථාවක් ලබාදී නොමැති බවද දේශපාලන ආරංචි පැවසුවා.
කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුව ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ සංවාද කිරීම සදහාම තවත් සාකච්ඡාවක් පසු අවස්ථාවකදී කැඳවන බවයි.