ආණ්ඩුව විසින් රට තුළට කුණු ආනයන කිරීම සම්පුර්ණයෙන් නතර කළ යුතු බව අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා.
මෙරටට ගෙනා කුණු සියල්ල යළි අදාල රට වෙත පිටත්කර යැවිය යුතු බවත් එම කුණු ගෙනා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතීය ක්‍රියාත්මක කර යුතු බවත් උන්වහන්සේ කියා සිටියා.
විදේශ රටවලින් කුණු ගෙන ඒම පිළිබඳ කිසිදු පුද්ගලයෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර එංගලන්තයේ ඇති කුණු මෙරටට ගෙනැවිත් දමා මෙරට තිබෙන කුණුවලට අමතරව තවත් කුණු පටවන තත්ත්වයට පත්ව ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
ප්‍රතිඅපනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ප්‍රතිඅපනය කළ යුතු බව වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ පැවසුවා.