News Line| Off Air
Generic placeholder image

Jul
25

චන්දික හතුරුසිංහ යළි බංගලාදේශයේ පුහුණුකරු ධුරයට යයිද?

1354 Views


චන්දික හතුරුසිංහ යළි බංගලාදේශයේ  පුහුණුකරු  ධුරයට යයිද?

ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ රැකියා අපේක්ෂකයෙකු වීමට හැකි බව බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ cricinfo වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

2019 ලෝක කුසලානයෙන් පසු බංගලාදේශ කණ්ඩායම් නිත්‍ය පුහුණුකරුගේ කාලය අවසන් වු බවත් ශ්‍රී ලංකා තරග සංචාරය සදහා කණ්ඩායමට සහභාගී වන්නේ තාවකාලික පුහුණුකරුවෙකු බවත් සභාපති නස්වුල් හසන් පවසා ඇත්තේ.

එම වෙබ් අඩවිය පෙන්වාදෙන ආකාරයට 2014- 2017 අතර කාලයේ බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දෑරු චන්දික හතුරුසිංහ එරට ක්‍රිකට් ආයතනයේ සමීප මිතුරෙක් බව කියවෙනවා.

එමෙන්ම බංගලාදේශ කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක්, වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙක් සහ භෞතික චිකිත්සක වරයෙක් බදවා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ දැනට චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන බැවින් ඔහු සමග මේ පිලිබදව කතිකා කර නොකළ බවත් ඉදිරියේදී ඔහු රැකියා අපේක්ෂකයෙකු වන තෙක් තවත් බල සිටින බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post