News Line| Off Air
Generic placeholder image

Jul
25

අන්තර්ජාතික ගණිත තරගාවලියට යන්න ඇමතිගෙන් ගුවන් ටිකට්පත්

578 Views


අන්තර්ජාතික ගණිත තරගාවලියට යන්න  ඇමතිගෙන් ගුවන් ටිකට්පත්

ලොව පුරා සිසුන්ගේ ගණිත කුසලතා මැනබැලෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ (24) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණු අතර මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි දී 2019-08-01 සිට 2019-08-06 තෙක් පැවැත්වෙනවා.

ඒ අනුව ලෝකයේ රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන 1999 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන මෙම තරගාවලියට 2011 වසරේ සිට ශ්‍රී ලංකාව ද සහභාගී වී ඇති අතර අවස්ථා රැසක දී සිසු දරුවන් රැසක් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post