News Line| Off Air
Generic placeholder image

Jul
25

අලි රොෂාන් ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

522 Views


අලි රොෂාන් ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇති බව වාර්තා වෙනවා.

මෙහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා ගෙන් විමසා සිටියේ මෙම විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය පල කරනවාද? යන්නයි. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් නොකරන බවත් ඔවුන් නඩුව අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව තමන්ට විත්තිකරුවන් වෙනුවෙන් ඇප ලබා දීමට බලයක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post