News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

778 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post