News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

වෛද්‍ය ෂාෆි ගේ නඩුව අද යළි විභාගයට

493 Views


වෛද්‍ය ෂාෆි ගේ නඩුව අද යළි විභාගයට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඔහුට එරෙහි නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි.

අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව එල්ල වී තිබෙනවා.

අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී චෝදනා වල බරපතලකම සහ මහජන කැලඹිමක් ඇතිවිය හැකි බැවින් සැකකාර වෛද්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post