News Line| Off Air
Generic placeholder image

Jul
25

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ඉලංගකෝන් විශේෂ කාරක සභාවේ සාක්ෂි දීම අරඹයි

694 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ඉලංගකෝන් විශේෂ කාරක සභාවේ සාක්ෂි දීම අරඹයි

හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post