News Line| Off Air
Generic placeholder image

Jul
25

අගමැති රනිල්ගෙන් නව බි‍්‍රතාන්‍ය අගමැතිට සුභ පැතුම්

551 Views


අගමැති රනිල්ගෙන් නව බි‍්‍රතාන්‍ය අගමැතිට සුභ පැතුම්

බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ බොරිස් ජොන්සන්ට, සුභාෂිංසන පළ කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පණිවිඩයක් යවා තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපල වන්නේ ද, සංචාරක පැමිණීම අතින් 03 වන ස්ථානයේ සිටින්නේද බි‍්‍රතාන්‍ය බව එමගින් සිහිපත් කර ඇති බව සදහන්.

ඒ අනුව ආර්ථික වශයෙන් බි‍්‍රතාන්‍ය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල සහකරුවෙකු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙන අතර නව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යටතේ මෙම සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරනවා.

ඉදිරි දිනකදී නව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හමුවීමට බලාපොරොත්තු වන බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post