News Line| Off Air
Generic placeholder image

Jul
25

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලතීෆ් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙයි

682 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලතීෆ් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙයි

රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා සභාගීවිමට තවමත් පොලිස් විශේෂ කාර්ය බලකායට ආරාධනා කර නොමැති බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසනවා. ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහුට ආරධනා ලැබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බව ලතීෆ් මහතා සඳහන් කරනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලාබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතා මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ලිපිය තමාටද ලැබී තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළ අතර එම ලිපියේ තමාට ලැබී තිබුණේ එක් ඇමුණුමක් පමණක් බවත් එම ඇමුණුමේ සඳහන් කර තිබුණේ හඳුනාගත හැකි ඉලක්ක ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ ප‍්‍රධාන පල්ලි බවත් ඔහු කියා සිටියා.

තවද මෙම අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ලිපියේ වැඩි විස්තර සහිතව ඇමුණුම් වෙනත් ආයතන සතුව තිබූ බවත් එවැනි වෙනත් ඇමුණුම් ඇති බවට තමා ප්‍රහාරයෙන් පසුව දැනගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

පාස්කු ප්‍රහාරයට පෙර ඇතැම් වැදගත් බුද්ධි තොරතුරු පිළිබඳව තමා දැනුවත් කර නොතිබූ බවද බුද්ධි අංශ ප්‍රධානියාගේ ලිපිය ලැබීමෙන් පසු ඔහු ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට ඒ බව දැනුම් දුන් බවද පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා ප්‍රකාශ කළා.

විශේෂ කාර්යය බලකාය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ හෙයින් එම පියවර ගත් බවයි ලතීෆ් මහතා කියා සිටියේ.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කොළඹ ප‍්‍රධාන පල්ලි ගැන කිසිවක් සිදු නොකළේ පොලිස් විශේෂ කාර්යය බළකායෙහි සහාය ඉල්ලා නොසිටීම නිසාවෙන් බව සඳහන් කළ අතර පොලිස් විශේෂ කාර්යය බළකායෙහි සහාය අවශ්‍යතාවයක් ඇති විට පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරු විසින් සහාය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළ යුතු බවයි එතුමා වැඩිදුරටත් සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post