News Line| Off Air
Generic placeholder image

Jul
25

බි‍්‍රතාන්‍යයෙන් ආ කසළ කන්ටේනර් ගැන නීතිපතිගෙන් අභියාචණාධිකරණයට පොරොන්දුවක්

627 Views


බි‍්‍රතාන්‍යයෙන් ආ කසළ කන්ටේනර් ගැන නීතිපතිගෙන් අභියාචණාධිකරණයට පොරොන්දුවක්

බි‍්‍රතාන්‍යයේ සිට රැගෙනවිත් ඇති කසල කන්ටේනර ලබන සදුදා දක්වා පරිසරයට හානියක් නොවන පරිදි රදවා තබා ගන්නා බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත අද පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ දැනට රදවා ඇති එම කන්ටේනර පරිසරයට මුදා නොහැර ඒ ආකාරයෙන්ම තබාගන්නා බවට නීතිපතිවරයා එකග වී ඇති බව සදහන්.

බි‍්‍රතාන්‍යයේ සිට ශී‍්‍ර ලංකාවට කසල රැගෙන ආ වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් පරිසර යුක්ති කේන්‍ද්‍රය පෙත්සමක් ගොණුකර ඇති අතර නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත ඉහත පොරොන්දුව ලබාදුන්නේ එම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදීයි.

බි‍්‍රතාන්‍යයේ සිට කසල අඩංගු කන්ටේනර සිය ගණනක් ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් ඇතැයිද එමගින් ශී‍්‍ර ලංකාවේ පරිසරයට බරපතල නරක ප‍්‍රතිඵල ඇති වන බවද පෙත්සමෙන් පෙන්වා දී ඇති බව සදහන්.

එසේ තිබියදීත් මෙම කසල කන්ටේනර ආනයනය කළ පුද්ගලයින් පවා හදුනා ගැනීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවට එමගින් චෝදනා කර ඇති අතර පෙත්සම ලබන 29 වනදා යළි කැදවීමට දින නියම කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post