News Line| Off Air
Generic placeholder image

Jul
25

ව්‍යාවසායකයින් සදහා ණය යෝජනා ක්‍රම 17ක්

836 Views


ව්‍යාවසායකයින් සදහා ණය යෝජනා ක්‍රම 17ක්

“පොහොසත් රටක් ව්‍යාවසායක පාරාදීසයක්” යන දැක්ම යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන මඟින් ණය යෝජනා ක්‍රම 17ක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ යටතේ රුපියල් 50,000 සිට රුපියල් මිලියන 750 දක්වා ණය මුදල් ව්‍යාවසායකයන් සඳහා නිකුත් කර ඇති අතර උපාධිධාරීන්, ස්වයංරැකියාලාභීන් හා මාධ්‍යවේදින් සඳහා පොලී රහිත ණය ලබා දෙන බවත් සෙසු ව්‍යාවසායක කණ්ඩායම් සඳහා අවම පොලී යටතේ ණය නිකුත් කරනු ලබන බවත් සදහන්.

ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් රජය ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් එක් ව්‍යවසායකයෙකු හරහා සෘජු රැකියා අවස්ථා 05-50 ත් අතර ප්‍රමාණයක් බිහිකරවීම අපේක්ෂාව වී තිබෙනවා.

ජුනි 24 වන දින සිට 27 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක ජීවත්වන ලක්ෂ නවයකට අධික ජනතාවට තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ දැනුම අවබෝධය ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව සලසා දී තිබෙනවා.

අද දින (25) සවස් භාගය වන විට ව්‍යාවසායකයින් දහසකට අධික පිරිසක් ණය ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාවසායකත්ව කලාපය වෙත පැමිණ තිබීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post