25 වන ජාතික විරුජන සම්මාන උළෙල අද (25) පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
වීර පොදුජන පදනම මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර 2019 වර්ෂයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි වීර ක්‍රියාවන්හි නියුතු වූවන් සඳහා මෙහිදී සම්මාන ප්‍රධානය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන්ද එක්වුණා.