News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

මධ්‍යම සහ සබරගමුව පළාත්වල තැනින් තැන වැසි

729 Views


මධ්‍යම සහ සබරගමුව පළාත්වල තැනින් තැන වැසි

මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post